By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමින් විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරන බවයි.
තුනෙන් දෙකක ජනවරමක් ලබා බලයට පත්වූ වත්මන් රජය එම ජනවරමට ගරුකර ජනතාව අපේක්‍ෂා කරන සහන ලබාදී ජනතාවට සේවය කළයුතු බවත් එය නොකරන්නේ නම් ජනතාව වෙනුවෙන් විපක්‍ෂය පෙනී සිටිනා බවත් ඔහු අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී රජය ක්‍රියාත්මක කරන ජනතා මර්දන වැඩපිළිවෙළට එරෙහිව නැඟී සිටිය යුතු ආකාරය පිළිබඳවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවයි.
රටේ ජනාධිපතිවරයා සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යායුතු බවත් එහිදී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්‍ෂයේ ද සහාය ලබාදෙන බවත් කී සජිත් ප්‍රේමදාස මහතා තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධාර ලබාදීම වැනි පොරොන්දු ඉටුකිරීම රජය විසින් පසෙකට දමා කටයුතු කිරීමට එරෙහිව ජනතාව සමග එක්ව රජයට විරෝධය පළ කරන බවත් පැවසීය.