By unusuma.lk on
(LK time)පළාත් පාලන ආයතන විසින් රුපියල් මිලියන 26,726ක මුදලක් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල ආයෝජනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් පෙන්වාදී ඇත.
ඒ එම ආයතනවලට පැවරී ඇති මහජන සෞඛ්‍ය, පොදු උපයෝගි සේවා, පොදු මංමාවත් පිළිබඳ කටයුතු සහ ජනතා සුබසාධන වැනි සේවාවන් නිසි පරිදි ඉටුකර නොමැති පසුබිමකයි.
අයවැය හා පරිපූරක ඇස්තමේන්තු නිවැරදිව පිළියෙළ නොකිරීම නිසා පළාත් පාලන ආයතන බොහොමයක ඉතිරි වී ඇති ප්‍රතිපාදන ආදායම් ඉපයීමේ අරමුණ ඇතිව ආයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව මෙරට මහා නගර සභාව විසින් රුපියල් මිලියන 12,479ක මුදලක්, නගර සභා විසින් රුපියල් මිලියන 2,716 ක මුදලක් හා ප්‍රාදේශීය සභා විසින් රුපියල් මිලියන 11531ක මුදලක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජාතික විගණන කාර්යාලය පෙන්වාදී ඇත්තේ මහජන සුබසාධනයන් නිසි පරිදි ඉටුනොකර පළාත් පාලන ආයතනවල ඇති අරමුදල් ස්ථාවර තැන්පතු ලෙස පවත්වා ගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බවයි.