By unusuma.lk on
(LK time)ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන කාර්යාල දුම්රියේ නැගී සේවයට වාර්තා කර තිබේ.
අමාත්‍යවරයා මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව දුම්රියට නැග ඇත්තේ දුම්රිය සේවයේ ඇති සැබෑ ගැටළු හඳුනාගැනීමේ අරමුණින්.
මෙහිදී දුම්රිය මගීන් අමාත්‍යවරයා සමඟ සුහද කතා බහක නිරතවෙමින් ගමන් ගන්නා අයුරු මගීන් විසින් ජංගම දුරකථන හරහා රූගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුනි.
ගමන අතරවාරයේ ඇතැම් දුම්රිය ස්ථාන වලින් බැස දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබූ අතර අමාත්‍යවරයා ගමන් ගත් දුම්රිය පැමිණ තිබුනේ මිනිත්තු 13ක් ප්‍රමාදවී බව සඳහන්.
ගමන අතරතුර දුම්රියේ අපිරිසිදු ස්ථාන සහ විදුලි පංකා ක්‍රියාත්මක නොවීම ආදී කරුණුද අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.