By unusuma.lk on
(LK time)ජාතික ජන බලවේග ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් අද (21) දින සහ හෙට (22) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.
එළඹෙන (23) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
අනතුරුව කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක් එදින ප.ව 3.30 – ප.ව 5.30 දක්වා පැවැත්වෙයි.