By unusuma.lk on
(LK time)සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආණ්ඩුව සහන පැකේජයක් හඳුන්වා දුන්නද රාජ්‍ය හා වාණිජ බැංකු විසින් එය ක්‍රියාත්මක නොකරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමය සදහන් කරයි.
මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බොහෝ දෙනකු ණය ගෙවා ගැනීමට නොහැකිව අසාදු ලේඛනගතවී ඇති නිසා මෙම සහනය ලබාදීමට කිසිදු බැංකුවක් අවස්ථාව ලබා නොදෙන බව එම සංගමයේ ජාතික සංවිධායක නිලුක්ෂ නන්ද කුමාර සදහන් කරයි.
රාජ්‍ය හා වාණිජ බැංකු මේ පිළිබඳ දැනුවත් නොකිරීම නිසා බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය සහනය ලබා ගැනීමට යාමේදී අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් මෙම සහන ණය ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරි අය වැය ප්‍රකාශයට ඇතුළත් කර ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි.
එම යෝජනාව පාර්ලිමේන්තුව හමුවට ගෙනැවිත් සම්මත කරගෙන නීත්‍යානුකූලව ඉදිරිපත් කරන ලෙසත් එසේ සම්මත කරගත් යෝජනාව මහ බැංකුව හරහා සියලු බැංකු වලට යැවීමෙන් කර්මාන්තකරුවන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා වලින් මිදීමට හැකි බවද ඔහු සදහන් කරයි.