By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහට ලබන පෙබරවාරි (05) වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොටුව මහෙස්ත්රාත් නිලුපුලි ලංකාපුර නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර ඇත.
ඒ පසුගිය 2024.11.08 වන දින ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් මාදිලියේ පීප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පැස්සීමෙන් එකලස් කර නිමකිරීම සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි.
මෝටර් රථ ආඥා පනතේ 214 (1) ආ වගන්තිය සමග කියවෙන 2009 අංක 08 දරන සංශෝධිත මෝටර් වාහන පනත යටතේද, ලංකා දණ්ඩ නීති සංග්රහයේ වගන්ති යටතේ හිටපු මන්ත්රිවරයාට චෝදනා ගොනු කර ඇත.