By unusuma.lk on
(LK time)අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන ලෙස නියෝගකර තිබේ.
අනුරාධපුර ප්රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම උසාවි නියෝගය ලබාදී තිබේ.
අධිකරණය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ, පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.