By unusuma.lk on
(LK time)ඉහළ තනතුරු 3ක් සදහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව ඇති අතර අදාළ පත්කිරීම වසරක කාලයක් සදහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස ආර්.ඒ චන්දන සමන් රණවීර ආරච්චි පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.