By unusuma.lk on
(LK time)විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කර ඇත්තේ අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව බ වාර්තා වේ.
ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් පවසන්නේ මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නොමැති හෙයින් එම නාමය පාවිච්චි නොකිරීමට තීරණය කළ බවයි.
ඔහු වැඩිදුරටත් පැවසූවේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල හෝ කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බවද අවධාරණය කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් වීම සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදුකරනු ලබන විමර්ශන තවදුරටත් අවසන් වී නොමැති බව වාර්තා වේ.