By unusuma.lk on
(LK time)විදෙස්ගතව සිටින ප්රබල අපරාධකරුවන් 65 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අපරාධ මර්දන පියවරක් ලෙස හඳුනා ගත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
එලෙස අනුයුක්ත කෙරෙන විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාස තුනෙන් තුනට වෙනස් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
මේ අතර රජයේ ක්රියාත්මක සැලැස්මට අනුව ක්රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
සටන විශේෂ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.