By unusuma.lk on
(LK time)අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.
එහිදී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය.
එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද එහි අවධානය යොමු විය.
කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම් ක්‍රියාමාර්ග ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙම දස වැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදයේ සභාපතිවරය එහිදී ප්‍රකාශ කළාය.