By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්රස්තවාදය පරාජයට පත් කළ බවත් එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ සදහන් කරයි.
හිටපු මන්ත්රී විමල් වීරවංශ සදහන් කළේ,
“මට නම් පෙන්නේ මේ ආණ්ඩුව කයි පාලනයක් විදිහට. ආපු දවසේ ඉඳලා තවම හිතන් ඉන්නේ විපක්ෂයේ කියලා. මොකක් හරි එකක් අල්ලගෙන කයි ටෝක් එකක් දෙනවා. ඒකෙන් අනික් ප්රශ්න අමතක කරනවා. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුම් ගැන ප්රශ්න අමතක කරනවා.
එට්කා ගිවිසුම ගැන ප්රශ්න අමතක කරවනවා. කයි පාලනය ඇවිල්ලා කවුරු හරි හිටපු රාජ්ය නායකයෙක්ගේ නිල නිවස ගන්න එක, ආරක්ෂකයෝ අයින් කරන එක, අපි කවුරු කැමති වුණත්, නැතත් පිළිගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්රස්තවාදය පරාජයට පත්කළා.
එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැහැ. තවදුරටත් කයි නොදී මේ රටේ තියෙන ගැටලුවලට උත්තර දෙන්න. නැත්නම් කයි පාලනයට වැඩිකල් දුවන්න වෙන එකක් නැහැ.”
අද (22) දින ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මන්ත්රී විමල් වීරවංශ මේ බව සදහන් කරයි.