නව රජයේ ඇමතිවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති ගැන උපදෙස් මාලාවක්.!

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල, අමාත්‍යංශ සදහා උපදේශකවරු පත්කිරීම මෙන්ම වාහන සහ ඉන්ධන, දුරකථන යනාදිය ඇතුළත් කරමින් එම නිවේදනය නිකුත් කර ඇත.

අමාත්‍යංශ සදහා උපදේශකවරු පත්කර ගැනීම, ස්වේච්ඡා උපදේශකවරුන් පත්කර ගැනීම, සෑම අමාත්‍යවරයකුටම ස්වකීය අමාත්‍යංශයේ කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම පිණිස උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගත හැකියි.

එම පිරිස සදහා පහසුකම් සැලසීමට අදාල උපදෙස් පරිදි ක්‍රියා කළයුතු අතර උපදේශකවරුන් ලෙස පත් වන පිරිස අදාළ අමාත්‍යංශයේ විෂයය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තීයවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයින් විය යුතු බව සදහන් වේ.

ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතාව විසින් වත්මන් රජය වෙත බලය ලබාදීමේ දී අපේක්ෂා කරන ලද කරුණු පිළිබඳවද මෙහි දැනුම්දී ඇත.

මහජනතාව⁣ විසින් ආර්ථික සංවර්ධනය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, රජය තුළ සිදුවන වංචා, දූෂණ හා අක්‍රමිකතා අවම කර යහපත් රාජ්‍ය පාලනයක් ස්ථාපනය කිරීම යනාදිය පිළිබඳ මෙහි අවධානය යොමුකර ඇත.

තවද රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ආර්ථිකය ඇතුළු සියලුම ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, දරුවන් හා තරුණ පරපුර වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැංවීම, පුරවැසියන්ගේ ජීවිත නිදහස්ව හා සාමකාමීව පවත්වා ගෙන යාම ආදී කරුණු ද පිළිබඳව අවධානය යොමුකර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.