කලබල කරන්න එපා.. හොරු ඇල්ලුවද අහන අයට ළඟදීම සිතාසියක් ගෙදරට එයි.!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හොරු ඇල්ලුවද කියලා අහලා කලබල කරන්න එපා බවත් ළඟදීම සිතාසියක් ගෙදරට එන බවත් අනතුරුව ඇවිත් කියන්න තියෙන දෙයක් කියන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සදහන් කළේ,

“හොරු ඇල්ලුවද කියලා අහලා කලබල කරන්න එපා. ළඟදීම සිතාසියක් ගෙදරට එයි. එනකොට ඇවිත් කියන්න තියෙන දෙයක් කියන්න. ඔයාලගේ කලබල කිරිල්ලේ වුවමනාව අපි දන්නවා. හිතන්න එපා ඒවාට බයේ අපි පොට පටලවා ගනී කියලා. එහෙම කලබලයක් අපිට නැහැ.

නීතිය අපි හැමට ඒක ලෙස ක්‍රියාත්මක කරනවා. අධිකරණය, පොලිසිය ස්වාධීනව කටයුතු කරනවා. ඒ නිසා අපි ඒ අයගේ පරීක්ෂණ වලට බලපෑම් කරන්නේ නැහැ. ක්ලින් ශ්‍රී ලංකා නීති වලින් පාලනය කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් සිදු කළ යුත්තක්. ආණ්ඩුවට පුළුවන් ට්‍රැෆික් ලයිට් දාන්න.

නමුත් රතු ලයිට් එක පත්තු වුණාම ඒක දිහා බල බලා රිංගල යන්න රියැදුරන් සූදානම් වෙනවා නම් ඒක නීතිවලින් විතරක් පාලනය කරන්න බැහැ. රට වට්ටපු අය දැන් අහනවා ඔයාලා මොනවද කළේ කියලා. ජනතාව අපට බලය දුන්නේ වසර පහක් තුළ මේ රට හදන්න. ඒක මාස දෙකෙන් කරයි කියලා ඔවුන් බලාපොරොත්තු වන්නේ නැහැ.

සියයට තුනේ හිටපු අපි නැහැයි බැහැයි නොකියා ආණ්ඩු බලය ගත්තා වගේම ආණ්ඩුව කරගෙනත් යනවා. අපි උඩ සිට ක්ලීන් කරගෙන යනවා. ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සිට අපි ක්ලීන් වෙලා, අපි අපේ වියදම් අඩු කළා, අනවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් කප්පාදු කළා. නිල නිවාස ඇත්හැරියා. සාමාන්‍ය මිනිස්සු අතර අපිත් ජිවත් වෙනවා.

විදුලි බිල අඩු කළාම කියනවා ඒක ආණ්ඩුව නෙවෙයි මහජන උපයෝගිතා කොමිසමලු කළේ. ඒක පත් කරන්නෙක් ජනාධිපති තමයි. කලින් මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙනකම් විදුලිය කප්පාදුවක් කළා. කොමිසමේ සභාපතිවරයා දෝෂාභියෝගයක් ගෙනත් ඉවත් කළා. දැන් රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගෙන යෑමේදී මැති ඇමැතිවරු නිලධාරීන්ට බලපෑම් කරන්නේ නැහැ.

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා පොලිසියට බලපෑම් නැහැ. තමන්ගේ හෝ ඥාතීන්ගේ හෝ මිතුරන්ගේ දරුවන් පාසලකට දාගන්න රස්සාවකට දාගන්න අපි බලපෑම් කරලා නැහැ. අන්න අපි උඩ ක්ලීන් කළා. එහෙම තමයි මේක ඉස්සරහට යන්නේ.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.