By unusuma.lk on
(LK time)ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂන් මහහා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස පිහිටි ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3,178ක් බවයි.
ඊයේ (24) රාත්රියේ දේශපාලන වැඩසටහනය එක්වෙමින් මන්ත්රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.
පාපන්දු පිටියකට වඩා විශාල එම නිල නිවස පිහිටි ඉඩම අක්කර එකයි පර්චස් 13.7ක් බවත් නිල නිවසේ වර්ග අඩි ප්රමාණය වර්ග අඩි 30,534ක් බවත් මන්ත්රීවරයා පැවසීය.
අදාළ නිල නිවසේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229ක් බවත් මන්ත්රීවරයා පැවසීය.
මෙම නිවස පිහිටි ඉඩම සහ නිවස තක්සේරු කිරීමකින් ඔසු රුපියල් ලක්ෂ 46ක මුදලකට කුලියකට ලබාදිය හැකි බවත් ඔහු සඳහන් කළේය.