අදානි ගිවිසුම ගැන රජයෙන් තීරණයක්.!

මෙරට මන්නාරම සහ පුනරීන් වල අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං විදුලි බලාගර ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සදහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බව අමාත්‍යවරයා සදහන් කරයි.

තවද එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.