By unusuma.lk on
(LK time)අගමැති කාර්යාලයේ මාසික ඉන්ධන වියදම රුපියල් ලක්ෂ 32 සිට ලක්ෂ 3 – 4 දක්වා අඩු කළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුෂාරි ජයසිංහ සදහන් කළාය.
මන්ත්‍රිනි තුෂාරි ජයසිංහ සදහන් කළේ,
“අගමැති කාර්යාලයට ලබාදී තිබූ වෙඩි නොවදින රථ දෙක ආපසු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්නා. ඒ සදහා වැය වූ වාර්ෂික රක්ෂණ වියදම පමණක් රුපියල් කෝටි 3.761ක්. එසේම මෙම රථයක් නඩත්තු වියදම ලෙස වාර්ෂිකව රුපියල් මිලියන 6.5ක් වියදම් කර තිබෙනවා. මේ විදිහට ගත්තාම මේ වාහන දෙක වෙනුවෙන් නඩත්තු වියදම ලෙස රුපියල් කෝටි 1.6ක් වියදම් කර තිබෙනවා.
මේ වාහන දෙකම ආපසු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දීම නිසා මේ සමස්ත වියදම ඉතිරි කරන්න හැකියාව ලැබී තිබෙනවා. මේ විදිහට තමයි අපේ ආණ්ඩුව වියදම් අඩු කරලා ජනන්තා මුදල් නාස්තිය අඩු කරලා තිබෙන්නේ. ඒ නිසා ඔය කීප දෙනෙක් කෙඳිරි ගෑවට මේ ආණ්ඩුව ජනතාව බලාපොරොත්තු වෙන රට ගොඩනගනවා.
සමහර මාධ්‍ය දැන් සහල් හිගයක් ගැන කියනවා. නමුත් අපිට මතකයි ගෝඨාභය ජනාධිපතිගේ කාලයේදීත් සමහර මුදලාලිලා කීරි සම්බා දුන්නේ ටිකක් ලොකු ගණන්වලින් බිල් දාලා බඩු ගත්තු අයට හෝ හිතවත්කම් අනුවයි. ඒ කලේ නිහඬව සිටි ඇතැම් මාධ්‍ය දැන් මේ හුඹස් බියක් ඇති කරන්නේ තමන්ගේ පෞද්ගලික පටු වුවමනාවෙන් මිස මේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි.”