නව රජයෙන් ඇඟලුම් කර්මාන්ත පුරයක්.!

ඩොලර් මිලියන 35ක් ආයෝජනය කරමින් මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන කලාපයක් ස්ථාපනය කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සදහන් කරයි.

එයින් ඩොලර් මිලියන 300ක ආදායමක් අපේක්ෂා කරන බවත් මෙය පළමු වසර දහය තුළ සම්පූර්ණයෙන් බදු වලින් නිදහස් කොට ඉදිරි වසර 5ක් තුළදී 50% බදු පනවන ආයෝජනයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙම කර්මාන්ත ශාලාවට විදේශ රටවලින් අමුද්‍රව්‍ය ගෙනැවිත් මෙහි රෙදිපිළි නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවක් බවත් මෙවැනි කර්මාන්ත ශාලා 6ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ,

‍”එරාවුර් ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම කර්මාන්ත ශාලා තුළින් ඍජු රැකියා 490ක් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. 2023 වසරේ ආණ්ඩුකරණයේ හසළ දැනුමක් තිබෙන මේ රට පාලනය කරපු දේශපාලනඥයන් ඒ වසරේ සෘජු ආයෝජන වශයෙන් ගෙනාවේ ඩොලර් බිලියන දශම හතයි, එකයි.

එය ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් දශම 8.4යි. 2022 වසරේ ඩොලර් මිලියන දශම 8.8යි. 2021 වසරේ දශම 5.9යි. එය දේශීය ධන නිෂ්පාදනයෙන් දශම 6.7යි. පසුගිය වසර 20 බැලුවොත් මෙරටට ආ සම්පූර්ණ ඍජු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 14.88යි.

2023 ආපස්සට ගියොත් වසර 5ක් තුළදී ආ සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 3.35යි. ජාතික ජන බලවේග ආණ්ඩුව මාස 3 ට හම්බන්තොට පිරිපහදුව සඳහා ගෙනෙන ආයෝජන ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 3.7යි. මේකයි අපි පතපු වෙනස.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.