By unusuma.lk on
(LK time)මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂට එරෙහිව නිසි අවස්ථාවේ නිසි පියවර ගැනීමට රහස් පොලීසිය කටයුතුකර නොමැති බව පෙන්වාදෙමින් සැකකරු රිමාන්ඩ් කරනා ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා විසින් ප්රතික්ෂේප කර තිබේ.
ඉතා බරපතල චෝදනාවක් ලෙස කරුණු ඉදිරිපත් කළද වසර 8ක් පුරාවට දේපොළ තහනම් කිරීමට හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කර නොමැති බව අධිකරණය පෙන්වා දී තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත ප්රකාරව යම් විමර්ශනයක් සිදුකරයි නම්, මහාධිකරණය හමුවේ කරුණු දක්වා සිද්ධියට අදාළව දේපොළ තහනම් කිරීම පනත ප්රකාරව අනිවාර්ය බවත් රහස් පොලීසිය විසින් එවැන්නක් සිදුකර නොමැති බවත් පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා සැකකරුට ඇප ලබාදීමට කටයුතු කර ඇත.