By unusuma.lk on
(LK time)ඊයේ (27) මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලික පරිහරණය සඳහා වූ මෝටර් රථ ඇතුළු වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම් 2025 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
කෙසේවෙතත් යම් බදු ඇතුළත්කිරීම හරහා ආරම්භයේදී ආනයනික වාහන මිළ ඉහල ගියද ඉල්ලුම් සැපයුම් වෙළඳපොල නියමයන් අනුව නියත වශයෙන් මෙරට වාහන මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙනු ඇති බව ආර්ථික විෂ්ලේශකයන් පෙන්වා දෙයි.
එමෙන්ම ඉල්ලුම වැඩිවීම මත ආරම්භයේදී ආනයනික නව වාහන මිල ගණන් යම් ඉහල මට්ටමක පැවතිය හැකි නමුත් කෙටි කලක් ඇතුලත තවදුරටත් මිල පහත වැටෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.
රජය ගෙන ඇති තීරණය අනුව, වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය කිරීමට අවසර හිමි වෙයි.
පසුගිය 2020 වසරේ අත්හිටුවූ වාහන ආනයනය නැවත ක්‍රියාත්මක වනුයේ වසර 5කට පසුවයි. ඒ මෙරට ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වෙමින් පවතින පසුභිමකයි.
- මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රධාන කාරණා 4ක් උපුටා දැක්විය හැකියි.
- වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ
ලියාපදිංචි ආනයන කරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන්
වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ
ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත් වීමට සිදුවේ
1969 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉහත රෙගුලාසි නිකුත් කර ඇති අතර ඒ ඒ වාහන කාණ්ඩ සඳහා වාහන ආනයනයේදී සලකා බලන වසර සීමා පහත පරිදි වෙයි.
බස් රථ කාණ්ඩය
බස් රථ රියදුරු ඇතුලුව මගීන් 10-12 (වසර 3 1/2)
බස් රථ රියදුරු ඇතුලුව මගීන් 13-24 (වසර 5)
බස් රථ රියදුරු ඇතුලුව 25 සහ ඊට වැඩි (වසර 10)
මෝටර් කාර් කාණ්ඩය
මෝටර් කාර් (වසර 3)
ත්‍රීරෝද රථ (වසර2)
ක්‍රීඩා උපයෝගීතා වාහන (ජිජ්) (වසර 3)
සියලුම භූමි වාහන (වෙරල බයිසිකල්) (වසර 3)
ද්විත්ව කාර්ය වාහන(වෑන්) ( වසර 4)
තනි කැබ් රථ (වසර 4)
ද්විත්ව කැබ් රථ (වසර 4)
ගිලන් රථ (වසර 3)
හර්සස් (වසර 3)
දොඹකර ලොරි කාණ්ඩය, පාපැදි කාණ්ඩය, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් කාණ්ඩය යන කාණ්ඩ වලට අයත් වාහන ආනයනය කිරීම සඳහාද මේ අනුව අවසර හිමිවේ.