By unusuma.lk on
(LK time)පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ තමා සිදුකළ බරපතල ගනයේ වැරදි 2ක් යටතේ ඕනෑම මොහොතක තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවයි.
තමන් සිදුකල ප්‍රකාශ දෙකකට එරෙහිව එලෙස අත්අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
“බල්ලන් බත් කෑම සහල් හිඟයට හේතුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා දැවැන්ත පරීක්ෂණයකින් පස්සේ සොයාගෙන තියෙනවා. මොකද මෑත කාලේ බල්ලෝ පුරුදුවෙලා තියෙනවා කඩේ ගිහින් හාල් ගෙනල්ලා උයාගෙන කන්න.
මෙතෙක් කල් අපේ ඉතිහාසය පුරාවට ගෙදර ඉන්න බල්ලට පූසට බත් ටිකක් දාන එක අපේ කෑම වේලේ කොටසක් විදියටයි සලකලා තියෙන්නේ.
ඒක කොහොමත් අපේ ඒක පුද්ගල සහල් පරිභෝජනය ඇතුලේ තියෙනවා. බල්ලොන්ට බත් දෙන එක ප්‍රචලිත කිරීම සහ පොල් සම්බෝල කෑම කියන ජාතික අපරාධ දෙකට මම වගකිව යුත්තෙක් ඒ නිසා ඕනෑම මොහොතක මාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තියෙනවා”