By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ඊයේ (27) දින රාත්රියේ විජේරාම පිහිටි නිල නිවසේදි විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සදහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් සිදුකර ඇත.
මෙම සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය මෙන්ම ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර ඇති අතර පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පළාත් පාලන සංසදය විසින් නව කාර්යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.