By unusuma.lk on
(LK time)ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා පිරිත් සජ්ඣායනයක් පවත්වා ඇති බව වාර්තා වේ.
මේ අතර, අද (28) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසූවේ රජයේ නිල නිවාසවල සිටින බහිරවයන් පැන්නීමට වෙනම ක්‍රම ඇතැත් සදාචාරය රැකගෙන නිවසින් පිටවී යාම මහින්ද රාජපක්ෂ මහතාට හොඳ බවයි.
ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ප්‍රශ්නය : ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යෑමට සූදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. එසේ ලිඛිතව දැනුම් දෙන්න සූදානම් ද?
අමාත්‍යවරයා : “රජයේ ගෙදරක සිටිමින් රජයෙන් ම යැපෙමින් ලියුමක් එව්වොත් යන්නම් කියලනෙ ඔය කියන්නේ. සදාචාරාත්මකව බලන්න. මේ අය සාමාන්‍ය පුරවැසියෝ නෙවෙයි. හිටපු ජනාධිපතිවරු. ඔය වගේ කාරණයකට ලියුමක් ආවොත් මම යන්නම් කියන සිල්ලර කේවල් කිරීම තනතුරට ගැළපෙන්නේ නෑ. එහෙම යන්න බැරි බහිරවයෝ වගේ බදාගෙන ඉන්නවා නම් තමයි. බහිරවයෝ පන්නන්න වෙන වෙන ක්‍රම තිබෙනවා. සදාචාරය රැකගෙන යෑම තමයි හොඳ.”