By unusuma.lk on
(LK time)(28) ඊයේ කොළඹදී පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සංවිධානය කළ ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ රටට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා දැනට පවතින දුෂ්කරතා විසදීමට පියවර ගනිමින් සිටිනා බවයි.
එහිදී ජනපතිවරයා පෙන්වාදුන්නේ දැනට ආයෝජකයකුට මෙරට ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ ආයතන 82 කින් අවසර ලබා ගත යුතු බවයි.
එම අවසරයන් ලබාගැනීම සදහා වසර දෙකහාමාරක පමණ කාලයක් ගතවන බව පැවසූ ජනපතිවරයා මෙම කාලය අඩුකිරීමට පියවර ගන්නා බව පැවසීය.
එමෙන්ම දැනට රජය සතුව පවතින ඇතැම් ඉදිකිරීම් සමාගම් ඉදිරියේදී වසා දැමීමට හෝ පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.