By unusuma.lk on
(LK time)අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් පැමිණි මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු 64 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් රේගන් ජාතික ගුවන්තොටුපළ අසලදී හමුදා හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරුව ගුවන් යානය සහ හෙලිකොප්ටරය වොෂින්ටනයේ පොටොමැක් ගඟට කඩා වැටුණු බවත් පසුව සියලුම ගුවන් ගමන් නවතා දමා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ගුවන් සේවය සදහා 5342 ගුවන් යානය ලෙස ක්‍රියාත්මක වන PSA ගුවන් සේවයේ Bombardier CRJ700 ජෙට් යානයක් කැන්සාස් හි විචිටා සිට පිටත් වී රේගන් ජාතික ගුවන්තොටුපළට අවසන් වරට ළඟා වෙමින් සිටියදී එක්සත් ජනපද හමුදා සිකෝර්ස්කි H-60 බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක් සමඟ ගුවනේදී ගැටුණු බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සදහන් කරයි.