By unusuma.lk on
(LK time)ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා සිය පෞද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
හිටපු සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා මේ වනවිට පත් කර තිබේ.