By unusuma.lk on
(LK time)මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
“සුවසැරිය” ගිලන්රථ සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
මෙම ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුළු අංශ කිහිපයක් අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි.