සියයකට අධික පිරිසක් අවසර ඉල්ලා ඇමති නලින්ද වට කරයි.!

සියයකට අධික පිරිසක් කළු ගඟ ඉවුරෙන් වැලි ගොඩ දැමීමේ නීත්‍යනුකුල අවසර පත් ඊයේ (30) දින සිට අවලංගු වන බවත්, අදින් පසුව වැලි ගොඩ දැමීමට අවස්ථාව නොලැබෙන බවත් සදහන් කරමින් ඊයේ දින දහවල් 2.00ට පමණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින් ද ජයතිස්ස හමුවට ගොස් හැකි පමණ එම බලපත්‍රවල කාලය දික්කරන ලෙස ඉල්ලා ඇත.

කළුතර දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ අමාත්‍ය නලින්ද ජයතිස්ස පිටව යද්දී හදිසියේම ඇමැතිවරයා වෙතට පැමිණි එම පිරිස එම ඉල්ලීම ඉදිරිපත් කළේ දිස්ත්‍රික්කය පුරා කළු ගඟේ වැලිගොඩ දමමින් එදා වේල සරි කර ගන්නා පිරිසක්ද සමගය.

කළුතර දිස්ත්‍රික් වැලි ගොඩ දමන්නන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන චමින්ද දේශප්‍රිය මෙම ඉල්ලීම සිදු කළේ තමා ඇමැතිවරයාට ඉදිරිපත් කිරීම සදහා ගෙන එන ලද අභියාචනාත්මක ලිපියක්ද ඉදිරිපත් කරමින්ය.

එම පිරිස වෙනුවෙන් ඉදිරිත් අදහස් ඉදිරිපත් කළ කළුතර දිස්ත්‍රික් වැලි ගොඩ දමන්නන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ, භූ විද්‍යා හා පතල් කාර්යාංශයටත්, මධ්‍යම පරිසර අධිකාරියටත්, පරිසර අමාත්‍යංශයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත් ඇතුළු රාජ්‍ය ආයතන පහකටම තමන් වාර්ෂිකව ගඟෙන් වැලි ගොඩ දැමීම සදහා බදු ගෙවන බවත්, මෙසේ ඔවුන්ගේ වැලි ගොඩ දැමීම අහිමි කළහොත් එසේත් නැත්නම් අත්හිටෙවුවොත් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් සිය ගණනක අසරණ දරු දැරියන් දහස් ගණනකට කුසගින්නේ මියැදෙන්නට සිදුවන බවයි.

වැලි ගොඩ දමන්නන්ගේ ආර්ථිකයද සලකා බලා ඔවුන්ගේ ජීවිත පිළිබඳව ද සිතා බැලිය යුතු බවත් සෑම දෙනාටම සාධාරණ තීරණයක් ගත යුතු බැවින් සතියකින් පමණ පසු මේ පිළිබඳව තීන්දුවක් දිය හැකි බව අමාත්‍යවරයා එම පිරිසට සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.