By unusuma.lk on
(LK time)ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ කමිටු පත්කිරීමේදී පරිපාලන නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ වැඩසටහන වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරීහු තීරණය කර ඇත.
පරිපාලන නිලධාරීන් මෙම වැඩසටහනේ රාජකාරි ඉටුකළ ද දීමනා ලබා දීමේ නිලධාරි ලැයිස්තුවෙන් පරිපාලන නිලධාරීන් ඉවත්කර ඇති බැව්ම් මෙම තීරණය ගත් බව ලේකම්වරයා පවසය්.
එම සංගමයේ ලේකම් නාලක කළුගල මහතා පවසන්නේ මෙම වැඩසටහනේ කිසිදු රාජකාරියකට සම්බන්ධ නොවන බවට ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ මහ ජනතාව ජනාධිපති අරමුදලට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියා සෘජුව මැදිහත් වන නමුත් වෙනත් නිලධාරීන් පිරිසකට දීමනා ලබා දී කමිටුවලට පත්කර තිබෙන බවයි.
මධ්‍යම රජයේ සහ පළාත් රාජ්‍ය සේවයේ රෝහල් ලේකම්වරු, විද්‍යාපීඨ හා කාර්මික විද්‍යාල ලේඛකාධිකාරිවරු, ප්‍රාදේශීය සභාවල සභා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ජනාධිපති අරමුදල වර්ජනය කිරීමට තීරණය කළ බව ද ඔහු කීය.
එසේ ම, පරිපාලන නිලධාරීන් අස්වැසුම වැඩසටහනින් ඉවත්වීමට මීට පෙර ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද නාලක කළුගල මහතා පැවසීය.
මේ අතර, ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ අරලියගහ මන්දියේදී ලබන 7 වන දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ම ස්ථාපිත කරන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කරන බවද එම කාර්යාලය සඳහන් කළේ ය.