By unusuma.lk on
(LK time)පොහොට්ටුවෙන් ඉවත්ව ගිය තවත් කණ්ඩායමක් ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට ලබන සතියේ සඳුදා (පෙබ. 3) පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම විශේෂ හමුවද හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වෙනු ඇති බවයි.
පොහොට්ටුවෙන් ඉවත්ව ගොස් නොයෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් සිටිනා පිරිස් මෙලෙස කණ්ඩායම් වශයෙන් ගෙන්වා නැවත සවිධානයවීම සඳහා මෙම සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
මෙහි ප්‍රථම වටයේ සාකච්ඡාව පසුගිය 27 වන දා ඉතා සාර්ථකව අවසන් වූ බවත් ඊට පොහොට්ටුවෙන් ඉවත්ව ගිය හිටපු මැති ඇමතිවරුන් 20කට අධික පිරිසක් සහභාගී වූ බවත් වාර්තා වේ.
දෙපාර්ශ්වයෙන් සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක කණ්ඩායමක් ලෙස තරග කිරීමේ අවශ්‍යතාව මෙම සුහද හමුවලදී සාකච්ඡා වේ.