By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් විසින් අද (31) ජනපතිවරයාගේ යාපනය සංචාරයට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරනා වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට ඊයේ (30) පෙත්සමක් ඉදිරිපත් කළේය.
අදාළ පෙත්සම මගින් පොලිසිය පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා අතුලු තවත් සංවිධාන කීපයක පිරිස උද්ඝෝෂණ හා විරෝධතා මාලාවක් සංවිධානය කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි යමක් සිදු වුවහොත් එය මහජන සාමයට හා නීතිය හා සාමය පවත්වා ගෙන යාමට බාධාවක් විය හැකි බැවින් එම උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කරණ ලෙසයි.
කෙසේවෙතත් මේ පිළිබදව කරුණු විමසා බලා තීරණයක් ගැනීම පිණිස පොලීසිය විසින් එම පෙත්සමේ නම් සදහන් කොට ඇති පුද්ගලයින් කීප දෙනෙකුට අද ( 30) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඊට අර්චුනා මන්ත්‍රීවරයාටද ඇතුළත් වෙයි.