By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් උළෙල මෙවර නිදහස් චතුරස්‍රයේදී පෙබරවාරි මස (04) වැනිදා පැවැත්වෙන අතර ආරාධනා පත්‍ර නොමැති මහජනතාවට බෞද්ධාලෝක මාවත ඔස්සේ ප්‍රේමකීර්ති ද අල්විස් මාවතෙන් පැමිණ ඊට සහභාගි වීමට ඉඩ ලබාදී ඇත.
ආරාධනා පත්‍ර නොමැති සාමාන්‍ය ජනතාව පැමිණෙන වාහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දොරටු 2, 3 ඔස්සේ ඇතුළු කර ගාල් කිරීමටද පහසුකම් සලසා දී ඇත.
මෙවර නිදහස් උළෙල චාම්ව අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර සහභාගි වන හමුදා සාමාජිකයන් ගණන 1873කට සීමාකර ඇති බවත් එය පෙර වසරට වඩා හමුදා සාමාජිකයන් 1511ක අඩුවීමක් බවද ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සදහන් කරයි.
මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 40ක අඩු වීමක් වන අතර නිදහස් දින උළෙලේ ගුවන් යානා 3ක් පමණක් යොදාගන්නා අතර පෙළපාළිය සදහා සන්නද්ධ රථ යොදා නොගැනීමද විශේෂත්වයකි.
සාම්ප්‍රදායිකව නාවික හමුදාව විසින් ආචාර වෙඩිමුර 25ක් පවත්වන අතර එය දහවල් 12.00 ට සිදුකරන අතර නිදහස් සැමරුම සදහා ආරක්ෂක අංශ සාමාජිකයන් 4421ක් එක්කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 2052ක්, නාවික හමුදාවේ 668ක්, ගුවන් හමුදාවේ 776ක්, ශ්‍රී ලංකා පොලිස් හා විශේෂ බළකා සාමාජිකයන් 370ක්, සිවිල් ආරක්ෂක බළකායේ 370 ක් හා වෙනත් 552ක් ඒ අනුව මීට එක්වෙති.