ජාතියේ මහා මංගල්‍යය පවත්වන්න විශේෂ දිනයක්.!

රටේ සියලුම ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් හා අගනාකම් සැමරීමට විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

එම විශේෂ දිනය ඔක්තෝබර් මාසයට අදාළව නම් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“මම මේ සැරේ අයවැය ලේඛණයට දානවා, අලුත් යෝජනාවක්. අපේ රටේ හැම වෙලාවෙම තියෙන්නේ අපි එකිනෙකාට වෙනස් වු උත්සව. දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?. 

අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා.. ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.

අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ. උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා.”

යාපනයේ වැල්වෙටිතුරෙයි හි අද (31) දින පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.