By unusuma.lk on
(LK time)මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනය මීට පැය කිහිපයකට පෙර නිකුත් කළේය.
ඒ අනුව පෙබරවාරි (01) දින සිට බලපැවැත්වෙන පරිදී කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සදහා පනවා තිබූ තහනම ඉවත් කර ඇත.
ඒ අනුව HS කේත 14ක් යටතේ පෞද්ගලික වාහන ලෙස පහත සඳහන් වාහන ඛාණ්ඩ ආනයනයට අවසර හිමි වෙයි.
නව බදු සංශෝධනයන්ට අනුකූලව බදු වර්ග 3ක් ඉහළ දමා ඇති ඊට අතර අමතරව ආනයනකරුවන්ට ප්‍රමාද ලියාපදි ගාස්තුවක් ලෙස 3%ක දඩයක්ද නියම කර ඇත.
මින් පෙර පැවති බදු ක්‍රමය සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වාහන මාදිලි 20ක් සඳහා ඉහළ යා හැකි සාමාන්‍ය බදු ප්‍රතිශතයන් පහත දැක්වේ.
වැගන් R/ විට්ස් රථයක බදු ඉහළ යෑම 26%ක් වන අතර, ඇක්වා රථයක 23%ක් සහ ප්‍රියස් රථයක 21%ක් පමණ වේ.
ඇතැම් ආනයනකරුවන් මේ වනවිටත් සිය මිළ ගණන් ප්‍රකාශයට පත්කර තිබුනේ පහත ආකාරයෙනි.