By unusuma.lk on
(LK time)ඊයේ (31) අළුයම කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මියගිය කාන්තාවගේ මව සහ සහෝදරයා යන දෙදෙනාම මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පිහියකින් සහ යකඩ මල් පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් ඊයේ දිනයේ සොයාගෙන ඇති අතර එහි සඳහන්කර ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවයි.
දියනියගෙන් තමන්ට කරදර වූ බවත්, ඇය අධික තණ්හාව මත දේපොළ ඉල්ලා වසර 14ක් රණ්ඩුකරන බවත් එම ලිපියේ ඇය සඳහන්කර ඇත.
එමෙන්ම ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බව ද එම ලිපියේ සඳහන්කර තිබේ.
කෙසේ නමුත් පොලීසිය නිවසට යන විට 76 හැවිරිදි මවද ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් ගෙන පුටුවක් මත සිහි මදගතියකින් වැටී සිට ඇත.
ඇයද දිවිනසාගැනීමට උත්සාහ කරන්ට ඇති බවට පොලීසිය සැකකරයි.
ඒ හේතුවෙන් ඇය කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.