By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (02) ආරම්භ වීමට නියමිත බවයි.
ඒ අනුව හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 2ට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට සූදානම් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලස්ම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් ආණ්ඩුව විසින් සිදුකරන මර්ධනකාරී වැඩපිළිවෙළට විරෝධය පලකිරීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වෙයි.
මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක් වීමට නියමිතව ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන ඇතුළු ගම්මාන 14,000ක් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.
පළාත් පළාන මැතිවරණයට ප්‍රථම තෝරාගත් සෑම ආසනයකටම ගොස් ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවීමටද මෙහිදී සැලසුම් කර තිබේ.