By unusuma.lk on
(LK time)ඉන්දීය මාධ්‍ය පවසන්නේ 2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බවයි.
එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන අතර පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.
මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් මෙම වර්ශය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක්ද ඉන් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක්ද වෙන් කර ඇත.
ඉන්දීය අයවැයකින් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ භූතානය වෙනුවෙන් වෙන් කළ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.