By unusuma.lk on
(LK time)සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අසාද් මවුලානා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ මත සිටියි.
ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද රජය මේ වනවිට ඉවත් කරගෙන ඇති අතර නුදුරේදීම ඔහු මෙරටට පැමිණෙනු ඇති බවද වාර්තා වෙයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව අදාළ චැනල් 4 වැඩසටහනේදී කියැවුණු කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරගෙන යමින් පවතී.
අසාද් මවුලානා මෙරටට පැමිණීමෙන් අනතුරුව එම විමර්ශනයට අදාළව සාක්ෂි දීමට නියමිත බව සඳහන්.
එම සාක්ෂිය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැඩි බලපෑමක් ඇති කරනු ඇත.