By unusuma.lk on
(LK time)පාසල් විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් කල් දැමූ 11 වැනි ශ්‍රේණියේ පාසල් සිසුන්ගේ 2024 අවසන් වාර පරීක්ෂණය පෙබරවාරි (03) දින සිට යළි ආරම්භ කරන බව උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්. කේ. ජයලත් සදහන් කරයි.
11 වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් සදහා අදාළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කොට ඇත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් වන අතර සිංහල හා දමිළ භාෂාවෙන් අධ්‍යාපන හදාරන 11 වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් සදහා ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් රුපියල් එකෝටි තුන් ලක්ෂයක මුදලක් වැය කර ඇත.
මීට පෙර මෙම පාසල් සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන ලද්දේ උතුරු මැද පළාත් සභාවට අයත් මුද්‍රණාලයකිනි. එහිද මෙවර ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිට වූ බවට සැකයක් මතුව තිබෙන හෙයින් රජයේ මුද්‍රණාලයෙන් නැවත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට කටයුතු කළ බවත් එම ආයතනය සදහා ගෙවිය යුතුව තිබූ මුදල් ගෙවීම අත්හිටු වූ බවද ලේකම් ජයලත් සදහන් කරයි.
2024 අවසන් පාසල් වාර පරීක්ෂණය පසුගිය ජනවාරි (03) ආරම්භ වූ අතර එම විභාගය ආරම්භ කළ දිනයේදීම හයවැනි ශ්‍රේණියේ සිසුන් සදහා සූදානම් කළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය එම ප්‍රශ්න පත්‍රය සකස් කළ ගුරුවරියක විසින් ‘වට්සැප්’ සමූහයක පළ කිරීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කොට තවත් අමතර වැය බරක් දරා වෙනත් ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට සිදු විය. එම සිද්ධියට සම්බන්ධ එම ගුරුවරියගේ සේවය මේ වනවිට තහනම් කර ඇත.
පසුව කළ සොයා බැලීමේදී 11 වැනි ශ්‍රේණියේ 2024 අවසන් වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර සියල්ලද විභාගයට පෙර උපකාරක පන්තිවල ගුරුවරුන් අතට පත්ව තිබෙන බවට අනාවරණය වීමත් සමඟ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභාගය පැවැත්වීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පසුගිය ජනවාරි (05) අවලංගු කිරීමට පියවර ගත්තේය.