සරසවි සිසුන්ගේ සිහිනයට රජයෙන් හයියක්.!

විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොල ශිෂ්‍යාධාරය මෙවර අයවැයෙන් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපි තීරණයක් ගත්තා පාසල් ළමුන් 250ට වඩා අඩු පාසල්වල ඉන්න දරුවන්ට සපත්තු මිලදී ගැනීම සදහා රුපියල් 3,000ක දීමනාවක් දෙන්න. ඇදුම් ටික දෙනවා. කොහොමත් පෙළපොත් ටික අපි දෙනවා. සමහර පාසල්වලට ආහාර ටික දෙනවා.

ඒ ආහාර වේලකට දවසකට දෙන්නේ රුපියල් 60යි. අපි තීරණයක් ගත්තා ඒක රුපියල් 100 දක්වා වැඩි කරන්න. ඒ අනුව අපි මහපොල ශිෂ්‍යාධාරත් වැඩි කරනවා විශ්වවිද්‍යාල දරුවන්ට. ඒ වගේම ටෙක්නිකල් කොලේජ්වල ඉන්න දරුවන්ටත් යම් දීමනාවක් දෙන්න සැලසුම් කරලා තියනවා එළ⁣ඹෙන අයවැයෙන්.”

ජාතික ජන බලවේගයේ සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.