රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මුදල් වෙන්කරයි.. සුබ ආරංචියක්.!

රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

එළඹෙන අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සදහා රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ,

“රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා. එළැඹෙන 17 ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා. 13 ලක්ෂයකට සහන සැලසෙනවා.”

තඹුත්තේගම පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.