By unusuma.lk on
(LK time)චීනය නව සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දී සිටිනා බව වාර්තා වෙයි.
HMPV වෛරසය මේ වන විට චීනයේ සිට ආසියානු කලාපයේ අනෙකුත් රටවලට ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇතත් අතර වෛරසය පිළිබඳ තොරතුරු ගෝලීය ප්‍රජාව සමඟ බෙදා ගැනීමට චීනය සූදානම් නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් රට තුළ ව්‍යාප්ත වන වෛරස් සම්බන්ධයෙන් වැඩි විස්තර ඉල්ලා ඇති නමුත් චීනය පවසන්නේ එය සරල සෘතුමය උණක් පමණක් වන බවයි.
කෙසේවෙතත් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් ප්‍රකාශ කළේ HMPV කොවිඩ් ප්‍රමාණයේ සෞඛ්‍ය අර්බුදයක් නොවන බැවින් චීනයට සංචාරය කිරීම නැවැත්වීමට එය හේතුවක් නොවන බවයි.
නමුත් චීනයේ රෝහල් මේ වනවිට ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බව පැවසේ.
දෙසැම්බර් මස අගදී, චීනයේ රෝග පාලන අධිකාරිය පැවසුවේ ශීත ඍතුවේ දී සහ වසන්තයේ දී රෝගීන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, නැගී එන ශ්වසන රෝග පිළිබඳ අධීක්ෂණය වේගවත් කරන බවයි.
උග්‍ර ශ්වසන රෝග පිළිබඳ දත්ත දෙසැම්බර් 16 සිට 22 දක්වා සතිය තුළ සමස්ත ආසාදනවල ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කළ බව නිලධාරීන් පැවසූ අතර, විශේෂයෙන් උතුරු පළාත්වල වයස අවුරුදු 14 ට අඩු ළමුන් අතර HMPV වැඩිවීමක් ඇති වී තිබේ.
රෝහල්, සායන සහ වෛද්‍ය මධ්‍යස්ථානවල විශාල ජනකායක් සහ දිගු පෝලිම් ඇති වන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ද පුළුල් ලෙස සංසරණය වී ඇත.