By unusuma.lk on
(LK time)ජර්මනියේ හිටපු ජනාධිපති හෝස්ට් කොහෙලර් කෙටි රෝගාබාධයක් හේතුවෙන් මියගිය බවත් ඔහු මියයන විට 81 හැවිරිදි වියේ පසුවු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුහුණුවෙන් ආර්ථික විද්‍යාඥයකු වූ හෝස්ට් කොහෙලර් පසුගිය 2004 වසරේ සිට 2010 වසර දක්වා ජර්මනියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
ජනාධිපති වීමට පෙර හෝස්ට් කොහෙලර් වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා වු අතර පසුව ඔහු ජර්මනියේ ජනාධිපතිවරයා බවට පත් විය.
2010 වසරේ මැයි මාසයේදී විදේශගත ජර්මානු හමුදා මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශයන් විවේචනය කිරීමෙන් පසුව හෝස්ට් කොහෙලර් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.