දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි.!

සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අද (03) දින පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 85 වන වියේ පසුවිය.

ව්‍යාපාරික ලෝකයේ නම රැන්දු ව්‍යාපාරික නායකයෙක් වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වේ.

ඔහු Union Assurance, brandix , ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර සහ අධ්‍යක්ෂ ධූර හෙබවූ අතර ලංකා දුම්කොළ සමාගමේ සභාපති ධුරයද දැරූ බාලේන්ද්‍ර ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ධුරය දැරුවේ 1998 – 2000 වකවානුවේය.

යාපනයේ, ඉනුවිල් රෝහලේදී උපත ලද කෙන් බාලේන්ද්‍ර කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.