By unusuma.lk on
(LK time)රජය පාලන මිලක් නියම කර තිබෙන නිසා එම මිලට යටත්ව වී මිලදී ගැනීමට සිදුව තිබෙන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කරයි.
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කළේ,
“හාල් ඉතින් ප්‍රශ්න කරගත්තට මට කරන්න දෙයක් නෑ. ඇයි ඒක මගෙන් අහන්නේ. ප්‍රශ්න කරපු අයගෙන් ඇහුවනම් හරිනේ.
රජයේ පාලන මිලක් දාලා තියෙන නිසා ඒකට යටත්ව ගන්න වෙලා තියෙනවා. එහෙමනම් පාලන මිල වෙනස් කරලා, ඒ අදාළ පාර්ශවයන් ගෙන්නලා ඒ පිළිබදව සාකච්ජා කරලා තීන්දුවක්, තීරණයක් ගන්න ඕන වගකිවයුත්තෝ වශයෙන්.
මේක මගෙ ඇගට දාන්න එන්න එපා.. සෙල්ලම් කරන්න දෙන්නෑ මේ සැරේ.. බලමුකෝ.. කුඹුරු වැඩ කරන්න යන මිල හදලා, ඒකට ලාභයක් හදන්න මේක මහ දෙයක්ද.. ඒ ගණන් හදාගන්න බැරිනම් කොහොමද ගණන් හදන්නේ.”