වක්කඩේ හංගපු කෝටි 10ක ලුණු.. සියල්ල හෙළිවෙයි.!

රුපියල් කෝටි 10කට ආසන්න ලුණු තොගයක් විනාශ වීමට ඉඩ හැර ඇති බව 2023 වසරට අදාළ ලංකා ලුණු සමාගමේ විගණන වාර්තාව මගින් අණාවරණය වී ඇත.

ඒ අනුව බූන්දල ලේවායේ පසුගිය 2023 වසරේදී නිෂ්පාදනය කර තිබු රුපියල් හයකෝටි පනස් හතර ලක්ෂයකට අධික ලුණු විනාශ වී තිබෙන අතර අස්වැන්න ආවරණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නියමිත කාලයේදී නිසි ප්‍රමාණයෙන් සපයා ගැනීමට අපොහොසත් වීම මෙයට හේතුව බව විගණන වාර්තාවේ සදහන් වේ.

මේ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 1816කට හානි සිදුව ඇති බව එම විගණන වාර්තාවේ පෙන්වා දෙන අතර පලටුපාන ලේවායේ 2022 වසරේදී නිෂ්පාදිත සුපර් ග්‍රේඩ් ශ්‍රේණියේ ලුණු මෙට්‍රික් ටොන් 569ක් විනාශ වී ඇති අතර එහි වටිනාකම රුපියල් දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික බව වාර්තාවේ සදහන් වේ.

ආවරණය කර තිබු පොලිතීන් හා පොල් අතු ලුණු සමග මිශ්‍රව දිරාපත් වීම හේතුවෙන් මෙම ලුණු ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන අතර බූන්දල ලේවායේ 2016 සිට 2021 දක්වා නිෂ්පාදිත රුපියල් විසිතුන් ලක්ෂයකට අධික ලුණු අලෙවි කර නැති බවද එම වාර්තාවේ සදහන් වේ.

එහි ප්‍රමාණය ලුණු මෙට්‍රික් ටොන් 73කි. එමෙන්ම පලටුපාන ලේවායේ 2020 වසරේදී නිෂ්පාදිත ලුණු මෙට්‍රික් ටොන් 16ක් වසර තුනකට අධික කාලයක් විනාශ වී යාමට ඉඩ හැර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බව එම වාර්තාවේ සදහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.