By unusuma.lk on
(LK time)පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ කාල සීමාවේදී ජාතික ජන බලවේගයේ ප්රතිපත්තීන් සහ මතවාදයන් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයන් සහ අපහාසයන් සිදුකළ හිමි නමක් වූ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ.
මීට පෙර ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග සමන්තභද්‍ර හිමි සමීප ඇසුරක් පැවැත්වූහ.
ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි.
අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ.