By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.
එළඹෙන (06) වැනිදා ඔස්ට්‍රේලියාව ක්‍රිකට් කණ්ඩායම සමග ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.
එම තරගය දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් තරගය වන අතර මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර, රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,172කි.