ලසන්ත ඝාතනයේ සැකකරුවන් ගැන රජයෙන් දැනුම්දීමක්.!

කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබාදී තිබුණේය.

මෙසේ නිදහස් කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.

හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර ඝාතනයෙන් පසු ලසන්තවික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු භාරයට ගෙන තිබුණේය.

අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වන අතර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයා ගත් අතර ඒ සටහන් අතර අවස්ථා රැසකදී ලසන්ත ලුහුබැඳ පැමිණි යතුරු පැදිවල අංකද වූ බව ඒ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.