මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් තීරණයක්.!

වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබමින් පවතින බවයි.

මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 10 ක් වන නමුත් මේ වනවිට මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන්නේ වාර්ෂිකව මගීන් ලක්ෂයක් පමණ වෙයි.

එම පාඩුව අවම කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඒ අනුව මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන යානා ගොඩබැස්වීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

ඒ අනුව මේ වසරේදී මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන් ප්‍රමාණය ලක්ෂ 2 දක්වා වැඩිකිරීමට රජය බලාපොරොත්තු වෙයි.

නව තීරණයක් සමග ගුවන් සමාගම් 06ක් මත්තල ගුවන්තොටුපොළට සිය යානා ගොඩබැස්වීමට එකඟතාව පළ කර ඇති බවද වාර්තා වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.